01 පාසලට පැමිණිම
1.1 පාසල ආරම්භ කිරීමට විනාඩි 30කටවත් පෙර පාසලට පැමිණිය යුතුයි.
1.2 පාසල පැවැත්වෙන දිනවලදී දිනපතා පාසලට පැමිණිය යුතුයි.
1.3 පාසලට නොපැමිණෙන සෑම දිනකම ගුරුදෙගුරු සම්බන්ධතා පොතේ එසේ නොපැමිණීමට හේතුව සඳහන් කරමින් මව/පියා/භාරකරුගෙන් අත්සන් කරවාගෙන පැමිණිය යුතුය.
14 පාසලට නොපැමිණීම් දින 3කින් පසුව පාසලට නැවත පැමිණිය යුත්තේ වෙ/ පියා/භාරකරු කැටුවය.
15 පාසලට පැමිණෙන විට උදේ ආගමික වතාවත් සිදුකිරීම ආරම්භ කර ඇත්නම් තමා ඉන්න ස්ථානයේම පොත් පසෙකින් තබා ආගමික වතාවත් සිදු කල යුතුය. එම අවස්ථාවේදී ඔබ මෙම ගමන් කිරීම හෝ අන් අය සමග කථා කරමින් සිටීම වරදකි.
1.8 ගේට්ටුවෙන් ඇතුළුවන සිසුන් දෙදෙනා බැගින් පැමිණිය යුතුය.
17 පාසලට පැමිණෙන සෑම දිනකම මෙම ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ආ යුතුය.
1.8 දිනෙදා කාලසටහන් වලට අනුකූල වන පොත්පත් සියල්ල හා අවශ්‍ය අනිකුත් උපකරණ රැගෙන පාසලට පැමිණිය යුතුය.
19 නොපැදි වලින් පාසලට එන ළමුන් ගේට්ටු අසලදී පාපැදියෙන් බැසිය යුතු අතර එතැන් සිට ඒවා තල්ල කරගෙන විත් නියමිත ස්ථානයේ ස්ථානගත කල යුතුයි.
02.පාසලට පැමිණි පසු
2.1 පාසලට පැමිණි විගස පන්ති කාමරය හා මිදුල ශුද්ධ පවිත්‍ර කිරීමට අදාල සිසුන් වගබලා ගත යුතුය.
2.2 විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ හා ගුරු භවතුන්ගේ උපදෙස් පරිදි උදේ රැස්වීම සංවිධානය කිරීම සහ එයට සහභාගී විය යුතුය.
2.3 විද්‍යාලයීය ගීතය, ජාතික ගීතය නිසි පරිදි ගායනා කළ යුතු අතර එවැනි අවස්ථා වලදී සීරුවෙන් සිට එයට ගරුකළ යුතුය.
2.4 පාසල ආරම්භ වීමෙන් පසු ආපන ශාලාව, කොරිඩෝවල, ශාලා ඉදිරිපස, ක්‍රීඩා පිටිය වැනි ස්ථාන වල නිකරුණේ අනවශ්‍ය කථා කරමින් නොසිටිය යුතුය
2.5 පන්ති කාමරයේ හෝ විදුහල් භූමිය තුළ අනවශය ලෙස ශබ්දයෙ කථා කළ තුන් කුම්භ හෝ අවස්ථාවකදී වුවද පරුෂ වචන හෝ අසහස් වචන යැච්චන නොකල යුතුය.
2.6 පන්ති ඉගැන්වීමේ කටයුතු වලදී මෙම ශීය සමිති පීඩා කටයුතු ආදි විෂය නාබර
කටයුතු වැලද වගකීමෙන් යුතුව සහභාගී විය යුතුය.
2.7 පොත් පත් බහා රැගෙන එන බෑගය පාසලෙන් තීරණය කරන බෑගයෙන් විය යුතුය.
2.8 බාහිර පුද්ගලයන් පන්ති කාමර වලට නොගෙන්වා ගත යුතුය. එවැනි පුද්ගලයෙකු හමුවීමට අවශ්‍ය නම් ඒ සඳහා විදුහල් පතිතුමාගේ ලිඛිත අවසරයක් ගෙන පැමිණිය යුතු බව ඔවුන්ට දැන්විය යුතුය.
2.9 කිසියම් විෂයකට අදාළ ගුරු භවතා නොපැමිනි විටක විෂය ප්‍රධාන සිසුවා විසින් පැවරුමි ලිපි ගොනුව ගෙන අදාළ පැවරුම සිසුනට දිය යුතු අතර සියලු සිසුන් නිශ්ශබ්දව විම පැවරුම් කළ යුතුය.
2.10 ඔබේ අස්වීමේ සහතිකය, වර්ත සහතිකය ආදී සහතික හැනීමට පැමිණන හැකි විටකම් මෙම ශිෂ්‍ය වාර්තා පොතද රැගෙන ආ යුතුය. මෙම පොත නොමැතිව කිසිදු සහතිකයක් නිකුත් කරනු නොලැබේ.
2.11 ඉගෙනුම් උපකාරකයක් නොවන පොත පත හා උපකරණ කිසිවත් විදුහලට රැගෙන නො ආ යුතුය (චිත්‍ර කතා, අසභ්‍ය පුවත්පත්, වීඩියෝ පට, කැසට්පට, ජංගම දුරකථන කැමරා).
2.12 ක්‍රීඩා තරඟ පැවැත්වෙන දින වලදී ක්‍රීඩා ඇදුමින් සැරසී පන්ති කාමර වලට නොයා යුතු අතර ක්‍රීඩා තරග අවසන් වී නිවෙස් වලට යාමේදී නිල අඳුමින් සැරසී ආපසු නිවෙස්වලට යා යුතුය. නැටුම් ප්‍රායෝගික පුහුණු පන්ති වලට පැමිණෙන සිසුන් ද ඉහත පරිදි ක්‍රියා කළ යුතුය.
2.13 විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සඳහා පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්තයේ හෝ විදුහල් බිමේ රැඳී සිටීමට නම් අදාල ගුරු භවතාද සිටිය යුතුයි. විදුහල්පති තුමාගේ නිල අවසරය ලබා ගත යුතුය.
2.14 පාසලේ භෞතික සම්පත් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු අතර ඒවා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට සෑම සිසුවකුම වග බලා ගත යුතුය.
2.15 විදුහලේ ඇති කැසිකිලි/වැසිකිලි / පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්න.
2.16 නව වසරකට පිටස්තර විදුහල් වලින් අප විදුහලට පැමිණෙන සිසුන්ට වද හින්සා කිරීම නවක වදය දීම සම්පූර්ණයෙන්ම තහනම් බව සියලු සිසුන් දත යුතුය. ඔවුන්ද සුහදව පිළිගෙන සහෝදරත්වයෙන් කටයුතු කල යුතුය.
2.17 සවස පන්ති, සති අන්ත පන්ති, නිවාඩුකාලීන පන්ති හා විෂය බාහිර ක්‍රියාකාරකම් වැනි පාසලේ ඉගැන්වීමේ කාලයෙන් පසුව සහභාගී වන සෑම පංතියක් පිළිබඳවම එසේ සහභාගී වන බව දෙමව්පියන්ට දැන්විය යුතුය. පාසලට පැමිණීම හා බැහැරව යාමේදී තම ආරක්ෂාව පිළිබඳ සැලකිළිමත් විය යුතුය
03 පාසලෙන් බැහැරව යාම
3.1 පන්තිවල ඉගැන්වීම් කාලය තුළදී විශේෂ හදිසි අවශ්‍යතාවයකදී හැර කිසිදු ශිෂ්‍යයෙන් ශිෂ්‍යාවක් පනති කාෂිර වලින් බැහැරව නොයා යුතුය.
3.2 එවැනි හදිසි අවශ්‍යතාවකදී වුවද පන්ති වලින් බැහැරට යා යුත්තේ පන්ති භාර / විෂය භාර ගුරු භවතුන්ගේ අවසරය මතය
3.3 වසේ අවසරයක් ගෙන වුවද බැහැරව යා යුත්තේ එක් සිසුවෙකු පමණි. අවශ්‍යතාවය පරිදි හැහැණු ළමුන් දෙදෙනෙකු යැවීමට පන්ති භාර / විෂය භාර ගුරු භවතාට අවසර
3.4 තාක්ෂණික/ සෞනේදර්යය / ක්‍රීඩා / පුස්තකාල ආදී කාලච්ඡේදවල පන්තියෙන් බැහැරව යාමේදී හා ආපසු ඒමේදී ළමුන් එක් එක්කෙනා බැගින් පේලියට නිශ්ශබ්දව ගමන් කළ යුතුය.
3.5 කිසිඳු ශිෂ්‍යයෙකුට / ශිෂ්‍යාවකට විවේක කාලයේදී හා පාසල පටන් ගැනීමට පෙර කාලයේදී හැර අන් කිසිඳු කාලච්ඡේදයකදී ආහාර පාන ගැනීමට හෝ ලිපිද්‍රව්‍ය ලබා
ගැනීමට ආපන ශාලාව වෙත හෝ පාසල් සමූපකාරය වෙත යාමට අවසර නැත





